PHP සඳහා LAMP Server උබුන්ටු තුල ස්ථාපිත කරගන්නේ කොහොමද ?



මේක ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් .මම මේක කරන්න උබුන්ටු terminal 
එක උදව් කරගන්නවා .

Apache ස්ථාපිත කිරීම .........

       01)මුලින්ම ඔයාල terminal එක open කරගන්න .ඊට පස්සේ එකේ  
මේ පහල තියෙන code එක ඇතුල් කරන්න.එතකොට ඔයාලගෙ password 
එක enter කරන්න  
sudo apt-get install apache2

       02)ඔයාලට මේක  test කරන්න ඕනේ නම් web browser එකේ 
address bar එකේ " http://localhost/" කියල ඇතුල් කරන්න.එතකොට
 "It works!" කියල එනවනම් වැඩේ ගොඩ.

PHP ස්ථාපිත කිරීම .........

       01)පහල code එකටත් ඉස්සෙල්ලා අපි කරපු දේම කරලා 
enter කරන්න.
sudo apt-get install php5 libapache2-mod-php5

      ඊට  පස්සේ මේක පහල code එකත් ඇතුල් කරන්න.
sudo /etc/init.d/apache2 restart
       වැඩේ  හරි .........................!
My SQLස්ථාපිත කිරීම .........   
ඉහත පරිදිම terminal එක අපහු open කරලා පහළ code එක 
ඇතුල් කරන්න.
   
sudo apt-get install mysql-server

phpMyAdmin ස්ථාපිත කිරීම ......... 
ඉහත පරිදිම terminal එක අපහු open කරලා පහළ code එක
ඇතුල් කරන්න.මෙයා තමයි අපිට ලේසියෙන්ම database එක
edit කරන්න උදව් වෙන කෙනා  

sudo apt-get install libapache2-mod-auth-mysql 
php5-mysql phpmyadmin

දැන් Enter කරන්න .

post by : මලිත් හිරන්ත 

By සිංහල මාස්ටර් with 1 comment

1 අදහස්:

Post a Comment